ශ්රී ලාංකික නිවෙස් සඳහා සුරක්ෂිත හා කාර්යක්ෂම මදුරු පාලන ක්රම
මදුරුවන් යනු සාමාන්ය කරදරකාරී කෘමීන් වර්ගයක් පමණක් නොවේ. ශ්රී ලංකාවේ ඩෙංගු, චිකන්ගුන්යා සහ සීකා වැනි රෝග ව්යාප්ත කරන මහත් සෞඛ්ය අවදානමක් ගෙන එන සත්ව විශේෂයකි. වර්ෂා කාලය, ගංවතුර තත්ත්වයන් සහ උණුසුම් කාලගුණය නිසා මදුරු ගහනය සහ බෝවීම ඉතා වේගයෙන් වැඩි විය හැකියි.
ශුභාරංචිය නම්, ස්වභාවික හා පරිසර හිතකාමී ක්රම භාවිතා කරමින් ඔබේ නිවස අවට මදුරු ව්යාප්තිය අඩු කළ හැකි වීමයි.
මෙම ලිපිය මඟින් මදුරු ව්යාප්තිය වැළැක්වීමට උපකාරී වන ක්රම සහ Natular DT වැනි නවීන මදුරු පාලන විසඳුම් පිළිබඳව විස්තර කරයි.
මදුරුවන් නිවාස අවට ව්යාප්ත වන්නේ ඇයි?
මදුරුවන් බිත්තර දමන්නේ නිශ්චල ලයේ ජලයේය. ඉතා කුඩා ජල ප්රමාණයක් වුවද මදුරු කීටයන් වර්ධනය වීමට ප්රමාණවත් වේ.
නිවාස ආශ්රිතව මදුරුවන් බෝවන පොදු ස්ථාන කිහිපයකි:
· වහලේ අවහිර වූ වැහිපීලි
· මල් පෝච්චි යට කාන්දු වන ජලයට තබන තැටි
· වැසි ජලය රැස්වන භාජන
· වතුර බැරල්
· පැරණි ටයර්
· වතුර රැඳෙන කුඩා භාජන
මේ සියල්ල අතරින් ඩෙංගු ව්යාප්ත කරන Aedes aegypti මදුරුවාට බිත්තර දැමීමට අවශ්ය වන්නේ ඉතා කුඩා ජල ප්රමාණයකි.
ස්වභාවිකව මදුරුවන් අඩු කරන්නේ කෙසේද?
1. ජලය එක් රැස්වන ස්ථාන ඉවත් කරන්න
මදුරු පාලනයේ වැදගත්ම පියවර වන්නේ මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීමයි.
ඒ සෑම ස්ථානයක්ම නිතර පරීක්ෂා කරන්න:
· බාල්දි සහ භාජන
· මල් පෝච්චි තැටි
· වහලේ අවහිර වූ වැහි පීලි
· අවහිර වූ කාණු
· පැරණි ටයර්
ජලය එක් රැස්වන ස්ථාන ඉවත් කිරීමෙන් මදුරු බෝවීම සැලකිය යුතු ලෙස අඩු කළ හැකියි.
2. ගෙවත්ත සහ ඒ අවට පරිසරය පිරිසිදුව තබාගන්න
මදුරුවන් දිවා කාලයේදී සෙවන සහිත ස්ථානවල රැඳී සිටීමට කැමැත්තක් දක්වයි
ඒ සඳහා:
· අධික ලෙස වැඩුණු ගස් වැල් කප්පාදු කරන්න
· කොළ ගොඩවල් ඉවත් කරන්න
· තණකොළ කෙටිව කප්පාදුකර තබන්න
· නිවෙස් අවට පරිසරය පිරිසිදුව තබාගන්න
3. ජලය ගලායාම නිවැරදිව පවත්වා ගන්න
නිශ්චල ජලය මදුරුවන්ට සුදුසු පරිසරයකි.
ඒ නිසා:
· කාණු අවහිර නොවීමට වගබලා ගන්න
· ජලය ගලායාම නිවැරදිව පවත්වා ගන්න
· ජල අලංකරණ ස්ථානවල ජලය නිරන්තරයෙන් ගලා යන ලෙස තබන්න
4. මදුරු පලවා හරින පැළෑටි භාවිතා කරන්න
· මදුරු ව්යාප්තිය අඩු කිරීමට උපකාරී වන පැළෑටි වර්ග මෙසේ හඳුනා ගනිමු
සීට්රොනෙල්ලා (දෙහි කුලයේ ශාක )
· සේර පඳුරු (Lemongrass)
· ලැවෙන්ඩර්
· බැසිල්
· මින්ට්
මෙම පැළෑටි වලටආවේණික රසයෙන් සහ ගන්ධයෙන්මදුරු පාලනය සඳහා අමතර සහයක් ලබාදිය හැකියි
මදුරු මර්දනයේදී වඩාත් සුවිශේෂී කරුණු පිළිබඳ ඔබ අවධානය යොමු කළාද?
මදුරු පාලනයේදි ඉතා කාර්යක්ෂම ක්රමය වන්නේ මදුරු කීට අවධියේදීම මර්ධනය කිරීමයි.
මෙහිදී Natular DT ඉතා වැදගත් විසඳුමක් වේ.
Natular DT යනු කුමක්ද?
Natular DT යනු ජලයේ ඇති මදුරු කීටයන් මර්ධනය කිරීම සඳහා නිර්මාණය කරන ලද මදුරු පාලන ටැබ්ලට් එකකි.
මෙය නිෂ්පාදනය සඳහා Spinosad නම් ස්වභාවික පාංශු බැක්ටීරියාවෙන් ලබාගන්නා සක්රීය ද්රව්යයක් භාවිතා කරයි.
Natular DT හි විශේෂ ලක්ෂණ:
වේගවත් මදුරු කීට මර්ධනය
දින 60ක් දක්වා දිගුකාලීන ආරක්ෂාව
පරිසර හිතකාමී විසඳුමක් ලෙස ප්රචලිත වීම
ලෝක සෞඛ්ය සංවිධානය (WHO) විසින් මදුරු පාලන වැඩසටහන් සඳහා නිර්දේශිතය
Natular DT භාවිතා කළ හැකි ජලය ඉවත් කළ නොහැකි ස්ථාන හඳුනා ගනිමු
· මල් පෝච්චියට ජලය රඳන තැටි
· වහලේ අවහිර වූ වැහි පීලි
· වැසි ජල භාජන
· ජල උද්යාන ආශ්රිත පරිසරයන්
· ජලය ගලා නොයන කාණු
· ජලය රැඳෙන ඕනෑම භාජන
ආදී වු ජලය ඉවත් කළ නොහැකි ස්ථානවල Natular DT ටැබ්ලට් එකක් දමන්න.
Natular DT භාවිතා කරන ආකාරය
එක් ටැබ්ලට් එකක් ජලය ලීටර් 1/2ක් සිට ලීටර් 200 දක්වා ජල ප්රමාණයක් සඳහා ප්රමාණවත් වේ
අවශ්ය නම් දින 60කට පසු නැවත යොදන්න
අධික වැසි කාලය ආරම්භ වීමට පෙර භාවිතා කිරීම වඩාත් ප්රයෝජනවත් වේ.
ශ්රී ලංකාවේ මදුරු පාලනය වැදගත් වන්නේ ඇයි?
ශ්රී ලංකාවේ අන්තර් මෝසම් කාලවලදී සහ මෝසම් කාලවල ගංවතුරෙන් පසු මදුරු ඝනත්වය ඉතා වේගයෙන් වර්ධනය වේ.
එම නිසා:
ඔබේ පවුල
ඔබේ අසල්වැසි ප්රජාව
ඔබේ ප්රදේශය
ආරක්ෂා කිරීම සඳහා මදුරු පාලනය අත්යවශ්ය වේ.
මේ සඳහා Natular Dt ඔබට හඳුන්වා දෙන
DTW International (Pvt) Ltd ආයතනය Geo Guard ආයතනය සමඟ එක්ව ශ්රී ලංකාවට නවීනතම මදුරු පාලන විසදුම් ලබාදෙයි.
වසර 30කට වැඩි පළපුරුද්දක් ඇති DTW International, ජාත්යන්තර නිෂ්පාදකයන් සමඟ හවුල් වී ශ්රී ලංකාවට පරිසර හිතකාමී විශ්වාසදායක නිෂ්පාදන හඳුන්වාදෙයි.
Geo Guard සහ DTW International සමඟ
Natular DT
bitteR මී පාලන විසඳුම්
කෘෂි හා පලිබෝධ පාලන නිෂ්පාදන
දිවයින පුරා බෙදා හැරීමේ සේවාව සමඟ ලබාගත හැකියි.
Natular DT මිලදී ගන්නේ කෙසේද?
ඔබේ නිවස ස්වභාවිකව සහ ආරක්ෂිතව මදුරුවන්ගෙන් ආරක්ෂා කරගන්න.
වෙබ් අඩවිය:
https://geoguard.lk/products/natular-dt-tablets
Geo Guard ශ්රී ලංකාව පුරා බෙදා හැරීමේ සේවාව සපයයි.
අවසාන අදහස
මදුරු පාලනය ආරම්භ වන්නේ කීටයන් බෝවීම වැළැක්වීමෙනි.
ජලය එක්රැස්වන ස්ථාන ඉවත් කරන්න
ඔබ අවට පරිසරය පිරිසිදුව තබාගන්න
ජලය ගලායාම නිවැරදිව පවත්වාගන්න
Natular DT වැනි පරිසර හිතකාමී කාර්යක්ෂම මදුරු කීට පාලන විසඳුම් භාවිතා කරන්න
එමඟින් ඔබේ නිවස අවට පරිසරයේ මදුරු ව්යාප්තිය සැලකිය යුතු ලෙස අඩු කළ හැකියි.
මදුරුවා දෂ්ට කිරීමට පෙර ඔබේ ආරක්ෂාව තහවුරු කරගන්න.